සයුරෙන් එතෙර
බංග්ලාදේශයෙන් ඉන්දියාවට පිළිතුරක්
December 11, 2024 05:36 pm
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා බලයෙන් පහකිරීමෙන් පසු එරට සුළු ජාතීන් හෙවත් මූලික වශයෙන් හින්දු භක්තිකයින්ට එරෙහිව වාර්ගික ප්රචණ්ඩත්වයේ සිදුවීම් 88ක් වාර්තාවී ඇති බව බංග්ලාදේශයේ නව රජය පිළිගෙන තිබේ.
එරට අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස්ගේ මාධ්‍ය ලේකම් පවසා ඇත්තේ එම සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 70 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඉන්දීය විදේශ ලේකම් සිය බංග්ලාදේශ සංචාරයේදී සුළු ජාතීන්ට එරෙහි ප්‍රහාර පිළිබඳ බංග්ලාදේශයට ඉන්දීය රජයේ ස්ථාවරය ප්‍රකාශ කර තිබූ අතර එවැනි සිදුවීම් අපේක්ෂා නොකරන බවද පවසා තිබුණි.
එමෙන්ම බංග්ලාදේශ නායකත්වය සමඟ පැවැති රැස්වීම්වලදී මිස්රි සුළු ජාතීන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ඇතුළු ඉන්දියාවේ උත්සුකයන් ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව බංග්ලාදේශය මෙම අනාවරණය සිදු කර තිබේ.