සයුරෙන් එතෙර
ස්පාඤ්ඤයේ වැලෙන්සියාවේ ජනතාව විරෝධතාවක
December 1, 2024 09:32 am
ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයට බලපෑ දරුණු ජලගැලීම් ආපදා තත්ත්වය පිළිබඳව නිසි කාලයේ දී පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් නොකළ බවට ජනතාව බලධාරීන්ට චෝදනා කරමින් විරෝධතාවයේ නිරත විය.
විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ අදාළ බලධාරීන් ධුරයෙන් ඉවත්විය යුතු බවය.
ස්පාඤ්ඤයේ වැලෙන්සියා ප්‍රාන්තයෙන් දරුණු ජලගැලීම් ආපදාවක් වාර්තා වුණේ පසුගිය ඔක්තෝබර් මාසයේ අග භාගයේ දී ය.
ඉන් පුද්ගලයින් 220 ඉක්මවූ පිරිසක් මියගියේය.
විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ ප්‍රාන්ත ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු බවටය.
ප්‍රාන්ත ප්‍රධානියා තමන්ට එල්ලවන චෝදනා පිළිගත්තත් ඔහු ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර සිටී.