මාරක අනතුරු කිහිපයකින් තිදෙනෙක් මරුට
December 1, 2024 07:27 am
දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (30) එම අනතුරු සිදුව තිබුණේ, පෑලියගොඩ, සීගිරිය සහ කුට්ටිගල යන පොලිස් වසම්වලදීය.
කොළඹ - මහනුවර මාර්ගයේ කැලණි පාලම ආසන්න ප්රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටී සිටින බවට පෑලියගොඩ පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබුණි.
වහාම ක්රියාත්මක වූ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 49ක් වූ කැලණිය ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි අම්පාර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර දඹුල්ල - හබරණ මාර්ගයේ ඉනාමළුව ප්රදේශයේදී පදික මාරුවක් මතින් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකු ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පදික පුද්ගලයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු ඉනාමළුව ප්රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකි.
පැල්මඩුල්ල - නෝනාගම මාර්ගයේ හාගල ප්රදේශයේදී යතුරුපැදියක් අත්ට්රැක්ටර්කය පිටුපස ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, බෙරලනාතර ප්රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි අයෙකු බව පොලීසිය පවසයි.