සයුරෙන් එතෙර
ඉන්දියාවෙන් බංග්ලාදේශයට රතු එළියක්
November 30, 2024 03:42 pm
බංග්ලාදේශයේදී හින්දු ප්‍රජාවට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය කනස්සල්ල පළ කරයි.
ඒ අනුව මුහම්මද් යුනුස් ප්‍රමුඛ අන්තර්වාර රජය රටේ වෙසෙන සියලු සුළු ජාතීන් ආරක්ෂා කිරීමේ වගකීම ඉටු කළයුතු බව ඉන්දීය විදේශ අමාත්‍යංශය අවධාරණය කර තිබේ.
දිනෙන් දින ඉහළ යන ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ ප්‍රකෝප කිරීම් මාධ්‍ය අතිශයෝක්තියක් ලෙස පමණක් බැහැර කළ නොහැකි බව ඉන්දියාව පවසා ඇත.
එමෙන්ම බංග්ලාදේශයේ හින්දු පූජක Chinmoy Krishna Das රාජද්‍රෝහී චෝදනාව මත අත්අඩංගුවට ගැනීම රට තුළ පුළුල්ව පැතිරුණු විරෝධතා මාලාවකට හේතුවී ඇති බවද ඉන්දියාවේ මතය වී තිබේ.