ආපදාවලින් පීඩාවට පත් ජනතාව සොයා මනුසත් දෙරණ තවත් මෙහෙයුමක්
November 30, 2024 03:27 pm
මෙරට ආපදා අවස්ථාවලදී පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සිය ප්‍රමුඛ කාර්යය කරගත් මනුසත් දෙරණ, මෙවරත් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉදිරිපත්වී සිටී.
ඩයලොග් සමග අත්වැල් බැඳගනිමින් "මනුසත් දෙරණ" මෙම ක්‍රියාන්විතය අද (30) දෙවන දිනටත් දියත් කළේය.
මෙරට ආපදා තත්ත්වයක් ඇතිවූ සෑම අවස්ථාවකදීම මනුසත් දෙරණ සිය යුතුකම නොපිරිහෙලා ඉටු කරමින් සහන සැලසීමට ඉදිරිපත් වූයේ අපේම ලක්වාසි ජනතාවට අස්වැසිල්ලක් වීමේ අරමුණින්ය.
ඒ අනුව, උතුරේ පීඩාවට පත් ජනතාව සඳහා ද්‍රව්‍යාධාර රැගත් මනුසත් දෙරණ කණ්ඩායම් පසුගියදා වව්නියාව බලා ගමන් ආරම්භ කළේය.
ද්‍රව්‍යාධාර රැගත් අප කණ්ඩායම් වව්නියාව දිස්ත්‍රික්කයට ළඟා වුණේ ගංවතුරෙන් අවතැන්වී සහන කඳවුරුවල වෙසෙන ජනතාවට පිළිසරණක් වෙමින්ය.
ඔවුන්ට පිසීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය යුද හමුදාවේ දායකත්වයෙන් බෙදා දීම මෙහිදී සිදුකෙරුණි.
වව්නියාව, කුරුක්කල්පුදුක්කුලම් අවතැන් කඳවුර වෙතද ගිය මනුසත් දෙරණ එහි රැඳීසිටින ජනතාව වෙනුවෙන් පිසීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සිදුකළේය.
මනුසත් දෙරණ, ඉදිරියටත් ඩයලොග් සමග අත්වැල් බැඳගනිමින් දිස්ත්‍රික්ක ගණනාවක පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීමට සූදානමින් සිටී.