සූකර උණ රෝගයෙන් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවට
November 30, 2024 03:06 pm
අප්‍රිකානු සූකර උණ වෛරස් රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් කොස්ගම සහ පාදුක්ක පශු වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සූකර කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශවීමේ අවදානමක් උද්ගතව තිබේ.
සූකර ගොවිපොළ හිමියන් පෙන්වා දෙන්නේ, එම පසුබිම යටතේ තමන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවය.
කොස්ගම සහ පාදුක්ක පශු වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ පමණක් ලියාපදිංචි සූකර ගොවිපොළ 176ක සතුන් 25,000ක් පමණ සිටි නමුත් මේ වනවිට එම සංඛ්‍යාව 3,000ක් පමණ දක්වා පහළ ගොස් තිබේ.
ඒ හේතුවෙන් එම කර්මාන්තය හා සම්බන්ධ සෘජු සහ වක්‍ර රැකියාවල නිරත වූ 50,000කට ආසන්න පිරිසක් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට පත්ව තිබේ.
2019 වර්ෂයේදී ඌරන්ට මෙවැනිම වෛරස රෝගයකින් බලපෑම් එල්ල වූ අතර, එම අවස්ථාවේදීද මෙරට සූකර කර්මාන්තයට අයහපත් කාලවකවානුවක් උදාවුණි.
කෙසේ වෙතත්, පශුවෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා මේ දක්වා එන්නතක් නිෂ්පාදනය කර නොමැතිවීම මෙම තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනයට වීමට හේතු වී ඇති බවයි.