සයුරෙන් එතෙර
චීන හමුදා ලොක්කෙක්ට වැඩ වරදියි
November 30, 2024 01:38 pm
බරපතළ විනය උල්ලංඝනය කිරීමේ චෝදනාවක් මත චීනයේ ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට චීන රජය පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ලවී ඇති බවය.
ඒ අනුව ඔහුගේ සේවය අත්හිටුවා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
චීන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ මහජන විමුක්ති හමුදාව අධීක්‍ෂණය කරන මධ්‍යම හමුදා කොමිසමේ දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Miao Hua ට එලෙස විනය කඩකිරීම් චෝදනා එල්ලවී ඇති බවය.