වත්මන් රජය ඉන්දියාව සමග සම්බන්ධතා ඉදිරියට ගෙන යා යුතුයි - රනිල්

වත්මන් රජය ඉන්දියාව සමග සම්බන්ධතා ඉදිරියට ගෙන යා යුතුයි - රනිල්

November 29, 2024   12:23 pm

වත්මන් රජය ද ඉන්දියාව සමග සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන හිටපු ජනාධිපතිවරයා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

මේ අතර ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්ඩෝර් නගරයේ ද සංචාරයක නිරතව ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම නගරයේ පිහිටා ඇති පැරණි බලකොටුව ඇතුළු රජ මාලිගා කිහිපයක් ද නැරඹීමට එක්ව ඇත.

ඉන්ඩෝර් නගරය සැලකෙන්නේ ඉන්දියාවේ පිරිසිඳු නගර ශ්‍රේණිගත කිරීම අනුව එරට පිරිසිඳුම නගරය ලෙසය.