තරුණයෙකුට දිවි අහිමි කළ අනියම් පෙම
November 23, 2024 08:34 am
කොස්ලන්ද පොලිස් වසමේ හාමුදුරුකන්ද ප්රදේශයේ ඊයේ (22) පුද්ගලයෙකු ඝාතනය කර තිබූ බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී තණමල්විල ප්රදේශයේ පුද්ගලයෙකු මේ මස 18 වන දින සිට අතුරුදහන්ව ඇති බවට තණමල්විල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබී ඇත.
ඒ අනුව සිදුකරනු ලැබූ විමර්ශනයේදී එලෙස අතුරුදහන්ව ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා බවත්, ඔහු තවත් පුද්ගලයෙකු සමග හාමුදුරුකන්ද ප්රදේශයට ගොස් ඇති බවටත් කරුණු අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව ඇත.
ඒ ඔස්සේ විමර්ශන ඇරඹූ පොලීසිය, අතුරුදහන් වූ පුද්ගලයා සමග ගිය බව කියන වයස අවුරුදු 45ක් වන බලහරුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ, ඔහු විසින් අතුරුදහන් වූ පුද්ගලයාගේ ගෙල කපා ඝාතනය කර හිස කොටස වල දැමූ බවයි.
ඒ අනුව මරණකරුගේ සිරුරු කොටස් පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මරණකරු වයස අවුරුදු 36ක් වූ අරබේකම, තණමල්විල ප්රදේශයේ පදිංචිකරුවෙක්ය.
සිද්ධිය සම්බන්ධව බණ්ඩාරවෙල මහෙස්ත්රාත්වරයා විසින් මහෙස්ත්රාත් පරීක්ෂණය සිදුකර ඇත.
මරණකරු සහ සැකකරු ඌව කුඩාඔය ප්රදේශයේ පදිංචි කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, ඔවුන් අතර ඇතිවූ ආරවුලක් මත මරණකරුව ඉහත ප්රදේශයට කැඳවාගෙන ගොස් ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 44ක් වන ඌව කුඩාඔය ප්රදේශයේ පදිංචි සැකකාරියද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.