චීනය සහ අමෙරිකාව අතර එකඟතාවයක්
සයුරෙන් එතෙර

චීනය සහ අමෙරිකාව අතර එකඟතාවයක්

September 27, 2024   06:42 pm

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය Wang Xiaohong මහතා පසුගිය බදාදා (25) වීඩියෝ තාක්ෂණයෙන් අමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් Alejandro Mayorkas මහතා සමග සාකච්ඡාවක් සිදු කර තිබේ.

අන්‍යෝන්‍ය ගෞරවය, ගැටලු කළමනාකරණය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතාවයට අනුගත වෙමින් දෙපාර්ශ්වයේ රාජ්‍ය නායකයින් දෙදෙනාගේ වැදගත් එකඟතාවයන් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කළ යුතු බව Wang Xiaohong මහතා එහිදී ප්‍රකාශ කර තිබුණි. 

එමෙන්ම මත්ද්‍රව්‍ය පාලනය, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ආපසු ගෙන්වා ගැනීම සහ ඒකපාර්ශ්වික සිද්ධි සඳහා වන සහයෝගිතාවය ආදී ක්ෂේත්‍රවල මේ වනවිට පැහැදිලි ප්‍රතිඵල රැසක් ළඟා කර ගෙන ඇති බව ද හෙතෙම පවසා තිබේ. 

චීනය සෑම මට්ටමකින්ම අමෙරිකාව සමග මනා සන්නිවේදනයක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බවත් දෙරට අතර ස්ථාවර සහ දීර්ඝකාලීන නීතිය බලාත්මක කිරීමේ සහයෝගිතාව සඳහා ප්‍රවේශ වීමට ද කැමැත්තෙන් සිටින බවත් එහිදී Wang Xiaohong මහතා පෙන්වා දී තිබේ. 

මෙහිදී අමෙරිකාව චීනයේ වැඩපිළිවෙළට සහාය දෙමින් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින බාධා ඉවත් කිරීමට අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය. 

අවසන් වශයෙන් නීතිය බලාත්මක කිරීම පිළිබඳ ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු සම්බන්ධයෙන් සන්නිවේදනය පවත්වා ගැනීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.