කමිඳු ආසියානු වාර්තාවක් අලුත් කරයි

කමිඳු ආසියානු වාර්තාවක් අලුත් කරයි

September 27, 2024   01:01 pm

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් විය.

කමිඳු පන්දු 147කට මුහුණ දෙමින් සිය ශතකය සම්පූර්ණ කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.

මේ අතර කමිඳු අද වාර්තාකළ ශතකයත් සමග වේගයෙන්ම ශතක පහ සම්පූර්ණ කළ ආසියානු පිතිකරුවා බවට පත්වීමට අවස්ථාව උදාවිය.

කමිඳු මෙම වාර්තාව බිඳදැමීමට පෙර පාකිස්තානයේ ෆවාඩ් අලාම් එම වාර්තාවට හිමිකම් කියා සිටියේය.

අලාම් එම කඩයිම සම්පූර්ණ කර තිබුණේ ඉනිම් 22කදීය.

කෙසේ නමුත් කමිඳු ඉනිම් 13කින් මෙය සම්පූර්ණ කිරීම විශේෂත්වයකි.