මහ බැංකුවේ අලුත්ම තීරණය

මහ බැංකුවේ අලුත්ම තීරණය

September 27, 2024   07:52 am

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දී ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 8.25 සහ සියයට 9.25 ක් වෙයි.