බයිඩන් ගෙන් අනුර ට සුබ පැතුම්

බයිඩන් ගෙන් අනුර ට සුබ පැතුම්

September 26, 2024   10:40 pm

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ.

සිය X ගිණුමේ  ඔහු එම පණිවුඩය සටහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ, 

"ශ්‍රී ලංකා වාසීන් විසින් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ."

"ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය."

"ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි." යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සිය X පණිවුඩයේ සඳහන් කර තිබේ.