සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම 

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම 

April 19, 2024   05:26 pm

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබීය.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවතින හෙයින් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව අනුව සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.