ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි 

ඉන්ධන මිල සහ රන් මිල හදිසියේ ම වෙනස්වෙයි 

April 19, 2024   10:38 am

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි.
 
සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා 3%කින් වැඩිවූ අතර රන් මිල අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 2,400ක් ලෙස ටයි. 

එම නව මිල මෑතකදී වාර්තා වූ වැඩිම මිල ලෙස දැක්වෙයි.
  
එසේම ජපානයේ, හොං කොං සහ දකුණු කොරියාවේ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇති බව සඳහන් ය.

මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින යුද උණුසුම කෙරෙහි කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් දැඩි විමසිල්ලකින් පසුවෙයි.