සේවකයින් පිරිසක් ගෙදර යවන්න ඊලොන් මස්ක් සැරසෙයි

සේවකයින් පිරිසක් ගෙදර යවන්න ඊලොන් මස්ක් සැරසෙයි

April 16, 2024   03:18 pm

ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ගෙන් යම් ප්‍රතිශතයක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ටෙස්ලා සමාගමේ හිමිකරු ඊලොන් මස්ක් ය.

අකමැත්තෙන් වුවත් එම තීරණය ගැනීමට සිදුවන බව මස්ක් පැවසීය.

වෙළෙඳපොළ වටිනාකම අනුව ලොව විශාලතම මෝටර් වාහන නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම ට සම්බන්ධව ලොව පුරා පසුගිය දෙසැම්බර් මාසය වනවිට සේවකයින් 140,473ක් සේවය කළේය.

ඒ අනුව මෙම පිරිසෙන් 10%ක් සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.