රුසියාවෙන් දැඩි ප්‍රතිචාර

රුසියාවෙන් දැඩි ප්‍රතිචාර

March 29, 2024   04:44 pm

රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තජිකිස්තානය කටයුතු කර තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ එරට ජාතික ආරක්ෂක කමිටුව විසින් එම ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන 9 දෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම පුද්ගලයින් අයි එස් අයි එස් සංවිධානය ට සම්බන්ධ බවට ද සැක කෙරෙයි.

තජිකිස්තානයේ වක්දාත් නම් නගරයේදී ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ව එරට අගනුවර වන දුෂාන්බේ වෙත රැගෙනවිත් තිබේ.

පසුගිය සිකුරාදා සවස එල්ලකළ ප්‍රහාරයෙන් මේ වනවිට 143 දෙනෙක් පමණ මියගොස් ඇති අතර තවත් පිරිසක් තවමත් අතුරුදන් ය.

ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිව් දෙනෙක් ඉරිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් වෙඩික්කරුවන් බව රුසියාව පැවසීය.

ඔවුන් තජිකිස්තාන වැසියන් බව පසුව හෙළිවිය.

මෙම ප්‍රහාරට සම්බන්ධ සියලුදෙනාට දඬුවම් ලබාදෙන බව පවසන රුසියානු බලධාරීන් තවත් සැකකරුවන් සොයා පරීක්ෂණ පුළුල් කර තිබේ.