බිත්තර ආනයනයට අනුමැතිය 

බිත්තර ආනයනයට අනුමැතිය 

March 19, 2024   10:22 am

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව අප්‍රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිතය.

දේශීය වෙළෙඳපොලේ බිත්තර මිල ගණන් උච්චාවචනය වන පසුබිමක අද වනවිට බිත්තරයක් රුපියල් 45 - 50 අතර මිලකට අලෙවි වේ.

බිත්තර මිල ස්ථාවරව පවත්වාගැනීම වෙනුවෙන් බිත්තර ආනයනය කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මේ වනවිට බිත්තර මිලියන 18ක් පමණ ආනයනය කර ඇති අතර උත්සව සමය වෙනුවෙන් තවත් බිත්තර මිලියන 42ක් පමණ ආනයනය කිරීමට තීරණය කර තිබේ.

අදාළ බිත්තර තොගය ආනයනය කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් ද කැඳවා ඇති බව වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලය පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ ආනයන සිදුකිරීමට නියමිතය.