ආගරපතනේ දී මිය ගිය දැරියන් දෙදෙනා සෝ සුසුම් මැද අවසන් ගමන් යයි

ආගරපතනේ දී මිය ගිය දැරියන් දෙදෙනා සෝ සුසුම් මැද අවසන් ගමන් යයි

July 21, 2019   11:20 pm

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ඇති වු ගං වතුර තත්ත්වයෙන් සැඩ පහරකට හසු වී ගසාගෙන ගිය පාසල් සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (21) පස්වරුවේ ආගරපතන අග්‍රල්බෙත්ත වත්තේ පොදු සුසාන භුමියේදී  සිදු කර ඇත.

ආගරපතන ටොරිංටන් දමිළ මහ විද්‍යාලයේ  7 වසරේ අධයාපනය ලබමින් සිටි මදියගලන් සංගිතා (12) සහ මදියලගන් ලක්ෂ්මි (12) යන සොහොයුරින් දෙදෙනා ඉකුත් 18 දින පාසල නිම වී නිවස කරා යන අතරතුර වතු මාර්ගය හරහා ගලා බසින ජල පහරකට හසු මිය ගියේය.

යුධ හමුදාව, ආගරපතන පොලීසිය සහ වතු කම්කරුවන් එක් ව එම සිසුවියන් දෙදෙනාගේ සිරුරු එම වතු යායේ සිට කොත්මලේ ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී සොයා ගනු ලැබුණි.