දේශපාලනිකව බංකොලොත් වු අය කෝලාහල ඇති කරලා නව පණක් ලබන්න හිතුවා

දේශපාලනිකව බංකොලොත් වු අය කෝලාහල ඇති කරලා නව පණක් ලබන්න හිතුවා

July 21, 2019   03:19 pm

පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් බංකොළොත් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පඬුවස්නුවර ඊයේ පැවැති උත්සවයකදීයි.
  
කුරුණෑගල පඬුවස්නුවර බණ්ඩාරකොස්වත්ත මුස්ලිම් මහා විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැඟිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) විවෘත කෙරුණි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාස්කු ඉරිදායින් පසු එම ප්‍රදේශවල ඇතිවු ගැටුම් ඇති කිරීමට පැමිණියේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය නොව අන්‍යන්ගේ වුවමනාවට ජාතිභේද ඇති කිරීමට අවශ්‍ය වු පිරිසක් බවයි.

දේශපාලන වශයෙන් බංකොලොත් වී සිටි පිරිස් කෝලාහල ඇති කර දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කළ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.