උපාධිධාරීන්ට කබීර්ගෙන් සුබ ආරංචියක්

උපාධිධාරීන්ට කබීර්ගෙන් සුබ ආරංචියක්

July 21, 2019   03:11 pm

උපාධිධාරීන් 16,000ක පිරිසක් සඳහා මේ මස(ජූලි) අග දී පත්වීම් ලබාදීමට රජය කටයුතු යොදා ඇති බව මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ලබන 29,30 සහ 31 යන තෙදින තුළ එම පත්වීම් ලබාදිමට නියමිත බව හැටන් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම තරුණ තරුණියන් සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක කරන බව කබීර් හෂීම් අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

සමෘද්ධි හිමිකම් නොලැබූ ලක්ෂ 6ක පමණ පවුල් සංඛ්‍යාවකට සමෘද්ධි හිමිකම ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මක වන බව පෙන්වාදුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සමෘද්ධි හිමිකම් නොලැබු තවත් පිරිසක් මෙම මාසය තුළ ලියාපදිංචි කිරීමට කටයුතු යොදා ඇති බවයි.