ගිනි අවි සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

ගිනි අවි සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

July 21, 2019   01:21 pm

මෙරට නිෂ්පාදිත ගිනි අවි සන්තකයේ තබාගෙන උඩවලව ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වූ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හම්ඹේගමුව සහ තනමල්විල යන ප්‍රදේශ ආශ්‍රිතව උඩවලව වනෝද්‍යානය තුළ සිදුකළ වැටලීම්වල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ බෙහෙත් කොටන තුවක්කු දෙකක් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා උඩවලව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදුන් බව විශේෂ කාර්යය බලකාය සදහන් කළේය.