අයිස් සමඟ දෙමටගොඩ දී අයෙක් අල්ලයි

අයිස් සමඟ දෙමටගොඩ දී අයෙක් අල්ලයි

July 21, 2019   12:44 pm

අයිස් සහ හෙරොයින් මත් ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්යය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 35යි මිලිග්‍රැම් 500ක් සහ හෙරොයින් ග්‍රැම් එකයි මිලිග්‍රැම් 380ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.