සයිටම් සිසුන්ට පත්වීම් ලබා දෙන බවට සැකයක්-GMOA

සයිටම් සිසුන්ට පත්වීම් ලබා දෙන බවට සැකයක්-GMOA

July 21, 2019   12:23 pm

සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය තුළින් සයිටම් සිසුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සදහන් කළේ එම චක්‍රලේඛය තුළ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල යන නාමය වෙනුවට දේශීය වෛද්‍ය විද්‍යාල යන නාමය ඇතුළත් කර ඇති බවයි.

අද දෙරණ කළ විමසීමකදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ අදාළ චක්‍රලේඛය කඩිනමින් වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවය.