අධිවේගයේ දී ඇල්ලූ හරක් හොරු

අධිවේගයේ දී ඇල්ලූ හරක් හොරු

July 21, 2019   11:56 am

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුගොඩ පිවිසුම ආසන්නයේ දී බලපත්‍ර නොමැතිව එළ ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සුඛෝපබෝගී කේ.ඩී.එච් වැන් රථයකින් ප්‍රවාහනය කළ එළ ගවයින් පස් දෙනෙකු සහ කේ.ඩී.එච්. වෑන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

ඊයේ(20) රාත්‍රියේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මාතර සිට ගාල්ල දක්වා ප්‍රවාහනය කළ මෙම ගවයින්ගේ පාද ලණුවලින් බැද වෑන් රථය තුළ දමා තිබු බව පොලීසිය ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.