ජනාධිපතිවරණය කිට්ටු වෙලා එක එක භූතයෝ එනවා

ජනාධිපතිවරණය කිට්ටු වෙලා එක එක භූතයෝ එනවා

July 21, 2019   11:43 am

ජනාධිපතිවරණය ආසන්න වනවිට කරළියට පැමිණෙන විවිධ අපේක්ෂකයින් පිටුපස රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් අගමැති කරවීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිසක් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහදී රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"ජනාධිපතිවරණය කිට්ටු වෙලා එක එක භූතයෝ එනවා.

රටේ විනාශයක් වෙනකල් කතා නොකරපු මිනිස්සු ජනාධිපතිවරණය කිට්ටු වෙලා එනවා.

වෙනත් හස්තයන් තමා මොවුන් පිටිපස්සේ ඉදන් මෙහෙයවන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන්න තියෙන ආණ්ඩු විරෝධී ඡන්ද ටික වෙන තැන් වලට හරවන්න තමයි මේ අය මේ කටයුතු කරන්නේ.

නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති කරන්න හදන අය තමා මේ අයව මෙහෙයවන්නේ."