මොන සන්ධාන දැම්මත් එජාපයේ කෙනෙක් තමයි ඊළඟ ජනාධිපති

මොන සන්ධාන දැම්මත් එජාපයේ කෙනෙක් තමයි ඊළඟ ජනාධිපති

July 21, 2019   11:21 am

කුමන ලකුණක් යටතේ කුමන සන්ධානයක් ලෙස ඉදිරිපත් වුවද ජනාධිපතිවරණ අපේක්ෂකයා පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ දොම්පේ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රන්ජන් රාමනායක මහතා විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම ප්‍රකාශය තමන් පිළිගන්නේ නැති බවත් කෙසේ වෙතත් ඔහු මහා සංඝරත්නයෙන් සමාව ගැනීම යහපත් ක්‍රියාවක් බවත්ය.