ඉස්සර අපිට හොරු කිව්වා-දැන් එජාපයේ අයම කියාගන්නවා

ඉස්සර අපිට හොරු කිව්වා-දැන් එජාපයේ අයම කියාගන්නවා

July 21, 2019   11:03 am

නව සන්ධාන පිහිටුවා ගනිමින් මැතිවරණයට තරග කිරීමට උත්සහ කළත් රට පාලන කිරීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

කළුතරදී ඊයේ (20) මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එකිනෙකාට චෝදනා කර ගැනීම තුළින් එය ඔප්පු වන බවයි.

ජනතාව රජය පිළිබඳ මේ වන විට සිටින්නේ සුභවාදී මතයක නොවන බැවින් සන්ධානයක් තුළින් වුවද නැවත ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

එජාපයේ පක්ෂ අභ්‍යන්තරයේත් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී ඇති අතර එකිනෙකාට මඩ ගසමින් සිටින බවත් දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.