මහ මඟ අනතුරකින් ජීවිතයක් අහිමි වෙයි

මහ මඟ අනතුරකින් ජීවිතයක් අහිමි වෙයි

July 21, 2019   10:20 am

බණ්ඩාරගම - කළුතර මාර්ගයේ වෑවිට සෝමානන්ද මාවත හංදිය අසල දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ලොරි රථයක් ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු සහ ත්‍රීරෝද රථ රියදුරන් බණ්ඩාරගම සහ හොරණ යන රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.