ගෙයක් බින්ද දෙදෙනෙක් පොලීසියට

ගෙයක් බින්ද දෙදෙනෙක් පොලීසියට

July 21, 2019   09:41 am

නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් බිඳ දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 16 වන දින නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් තුන් ලක්ෂ 60,000ක් පමණ වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ 55ක වටිනාකමින් යුත් මෝටර් රථයක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී සොරකම් කරන ලද රන් භාණ්ඩ සහ මෝටර් රථය ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

එමෙන්ම සොරකම සඳහා භාවිත කළ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.