අමිහිරි මතක මැද තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර

අමිහිරි මතක මැද තෙමසකට පසු යළි විවෘත වන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැඳුර

July 21, 2019   08:43 am

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) යළි විවෘත කෙරෙයි.

කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් ප්‍රකාශ කළේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකෙරෙන බවයි.

දිව්‍ය පූජාව අද දින උදෑසන 8ට ආරම්භ කිරීමට නියමිතව තිබු අතර සංකේතාත්මකව මිය ගිය පිරිස වෙනුවෙන් දේව දූතයන් 114ක් පිරිවරාගෙන කාදිනල් තුමන් ප්‍රමුඛ කොටගෙන දේවස්ථානයට ඇතුළු වන බවත් පසුව නැවත දේවස්ථානය දෙවියන් වෙනුවෙන් කැප කිරීමක් සිදු කරන බව කටුවාපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා සඳහන් කළේය.

පසුව සිහිවටනය විවෘත කරන බවත් රජයේ අනුග්‍රහය ඇතිව නිවාස ඉදි කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවීමට සැළසුම් කර ඇති බව පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට විපතට පත් වුවන් අධ්‍යාත්මිකව විශාල වර්ධනයකට ලක්ව සිටින බවත් පියතුමන් කියා සිටියේය.