එජාපයේ තීරණය

එජාපයේ තීරණය

July 21, 2019   06:38 am

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ නව සන්ධානයකට එලඹීමට තීරණය කර ඇත.

අගෝස්තු මස 05 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී එම සන්ධානයට අස්සන් තැබෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ එම සන්ධානය නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන බවයි.