රුපියල් 77500ක දඩයක් කාපු කිතුල්ගලේ රියදුරු

රුපියල් 77500ක දඩයක් කාපු කිතුල්ගලේ රියදුරු

July 17, 2019   11:30 am

රියදුරු බල පත්‍රය, අදායම් බලපත්‍රය හා රක්ෂණ බලපත්‍රය නොමැතිව, බීමතින් ත්‍රීවීල් රථයක් ධාවනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 77500/- ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර තිබේ.

හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් මෙම දඩ මුදල ගෙවන ලෙස පසුගියදා (15) නියොග කර ඇත.

ගිනිගත්හේන පොලීසියේ රථ වාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙසේ වරදකරු වූයේ, කිතුල්ගල, මල්වත්ත පාරේ පදිංචි පුද්ගලයෙක්.

ගිනිගත්හේන පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල්වරුන් ඒකනායක (47051) හා චන්දන (3022) යන නිලධාරීන් විසින් චූදිත කලුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.