පිරිමි මළ සිරුරක් ඇළකින් හමුවෙයි

පිරිමි මළ සිරුරක් ඇළකින් හමුවෙයි

July 17, 2019   10:35 am

මීටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේ මාර්ගය අසල තිබූ ඇළ මාර්ගයක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.

අද(17) උදෑසන මෙම මළ සිරුර සොයා ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් ගෙන් ලද තොරතුරකක් මත මීටියාගොඩ පොලීසිය විසින් මෙම මළ සිරුර සොයා ගෙන ඇති බව වාර්තාක වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 67 හැවිරිදි  වැරැහැලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව මීටියාගොඩ පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.