තනියෙන් යන්න පුළුවන් ගුවන් යානයක්
සයුරෙන් එතෙර

තනියෙන් යන්න පුළුවන් ගුවන් යානයක්

July 16, 2019   04:07 pm

තනි පුද්ගලයෙකුට ගමන් කළ හැකි කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් අමෙරිකානු සමාගමක් විසින් නිපදවා තිබේ.

ගුවන් නියමු බලපත්‍රයක් ලබාගැනීමෙන් තොරව මෙම යානය පියාසර කළ හැකිවීම විශේෂත්වයක්.

අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි ලිෆ්ට් ඒවියේෂන් සමාගම විසින් මෙම අපූරු ගුවන් යානය නිර්මාණය කර තිබෙන අතර 
එක් අසුනක් සහිත මෙම යානය ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් බලයෙනි.

අමෙරිකානු අභ්‍යවකාශ ආයතනයේ නියාමනයන්ට අනුව මෙම යානය නිපදවා ඇති බවත් එමෙන්ම එය පැයට සැතපුම් 63ක පමණ වේගයකින් පියාසර කළ හැකි බවත් නිෂ්පාදකයන් පවසයි.

ඒ අනුව මේ වසර අවසානයේදී අමෙරිකාවේ නගරවලදී මෙම යානයේ නැගී විනාඩි 15ක චාරිකාවක යෙදීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවනු ඇති බවද ඔවුන් පවසා තිබේ.

පළමුවෙන්ම මෙම යානය ගුවන් ගමන් වාර වශයෙන් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමටයි.

නිෂ්පාදක සමාගම අපේක්ෂා කරන්නේ චාරිකාවට පෙර සෑම පාරිභෝගිකයෙක්ටම යානය හැසිරවීම සම්බන්ධයෙන් පහුණුවක් ලබා දෙන බවයි.