කළමැටිය ධීවර වරායේ ගින්නක්-බෝට්ටු 27 ක් විනාශයි

කළමැටිය ධීවර වරායේ ගින්නක්-බෝට්ටු 27 ක් විනාශයි

June 26, 2019   08:59 am

හුංගම කළමැටිය ධීවර වරායේ ගාල් කර තිබූ එක්දින ධීවර යාත්‍රා 27ක් ගිනිගෙන විනාශ වී ඇතැයි හුංගම පොලීසිය පවසයි.

හුංගම කළමැටිය ධීවර වරාය භූමියේ ගාල් කර තිබූ එක්දින ධීවර යාත්‍රා 22ක් සම්පූර්ණයෙන් ද තවත් 5ක් අඩක් ද දැල් උපකරණ සමඟ ගිනිගෙන විනාශ වී ඇත. 

ඊයේ(25) රාත්‍රී 10.00ත් 11.30ත් අතර කාලයේදී මෙම යාත්‍රා ගිනි ඇතැයි පොලීසිය කියයි.

තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු එක්ව ගින්න නිවා දමා තිබිණි. 

ධීවර යාත්‍රා ගිනි ගෙන විනාශ වීම නිසා රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න ප්‍රමාණයක අලාභයක් සිදුව ඇතැයි ධීවරයෝ පවසති.