හමුදා ට්‍රක් රථය දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබලෙක් මරුට

හමුදා ට්‍රක් රථය දුම්රියේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලබා සිටි තවත් සෙබලෙක් මරුට

June 26, 2019   08:45 am

යුද හමුදා ට්‍රක් රථයක් කිලිනොච්චියේදී දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටි තවත් හමුදා සෙබලෙකු  ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ඊයේ රාත්‍රීයේ මෙම සෙබලා මිය ගිය බව පොලීසිය පවසයි.

ඒ අනුව අදාළ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(25) දහවල් 1.40ට පමණ කිලිනොච්චියේදී දුම්රියේ ගැටීමෙන් එහි සිටි යුද හමුදා සේබළුන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව විය.