ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

June 26, 2019   08:14 am

‍මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනිමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.

ඒ එංගලනත්ක කණ්ඩායම සමඟ ඊයේ(25) පැවැති තරඟය ලකුණු 64කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟයි.

මේ වන විට මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයට තේරී පත් වූ පළමු කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ඊයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමේ වාරය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාදුන්නේය.

ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 දැවී ලකුණු 285ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් වන නායක ආරෝන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල සදහා ලකුණු 123ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණි.