ඔස්ට්‍රේලියාවේ නිවසක ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙක් මරුට
සයුරෙන් එතෙර

ඔස්ට්‍රේලියාවේ නිවසක ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙක් මරුට

June 26, 2019   08:11 am

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් හි නිවසක ඇති වූ ගින්නකින් ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.

ගින්නෙන් තවත් පිරිමි ළමයෙකු සහ කාන්තාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගොස් ඇත්තේ ගැහුණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු බව සඳහන්ය.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.