අක්කර ලක්ෂ 20ක් විදෙස් රටවලට ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා

අක්කර ලක්ෂ 20ක් විදෙස් රටවලට ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා

May 25, 2019   06:27 pm

නව ආර්ථික වැඩපිළිවෙලක් හරහා මෙරට ඉඩම් අක්කර ලක්ෂ 20ක් පමණ විදෙස් රට වලට ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි පවසයි.

උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (25)  පෙරවරුවේ කොළඹ අගරදගුරු නිළ නිවසේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුණේය.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු බෙල්ලන්විල රජමහා විහාරාධිපති පුජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පැවසුවේ අමෙරිකානු බලපෑම මත කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ආර්ථීක කොරිඩොවක් සැදීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව අවසානයේ විදේශිය සමාගම්වලට සඳහා මෙරට ඉඩම් හිමිවීමක් සිදු වන බවද උන්වහන්සේ පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමිද එක් වු අතර උන්වහන්සේ පැවසුවේ මෙරටට ජාතික ප්‍රථිපත්තියක් අවශ්‍ය බවයි.