රත්නපුරදී අතුරුදහන් වූ දරුවෙක් හම්බන්තොටින් හමුවෙයි

රත්නපුරදී අතුරුදහන් වූ දරුවෙක් හම්බන්තොටින් හමුවෙයි

May 19, 2019   03:39 pm

දින දෙකක සිට අතුරුදහන්ව සිටි කහවත්ත ප්‍රදේශයේ 13 හැවිරිදි පිරිමි දරුවෙකු හම්බන්තොට පොලීසිය විසින් සොයාගෙන තිබේ.

රත්නපුර කහවත්ත ඕපාත වත්ත අංක 01 ඉහළ කොටසේ පදිංවි 13 හැවිරිදි ආරුමුගන් දිනේෂ් හර්ෂණ ඉකුත් 17 වෙනිදා සවස සිට අතුරුදහන්ව තිබේ.

දිනේෂ්ගේ මව රැකියාව සඳහා විදේශගතව සිටින අතර පියාද කලවාන ප්‍රදේශයේ රැකියාවක නිරත වන බැවින් දිනේෂ් සහ ඔහුගේ සහෝදරියත් සහෝදරයාත් රැකබලාගන්නේ ඔවුන්ගේ මිත්තණිය සහ මාමායි.

කෙසේ වෙතත් අතුරුදන්වූ දිනේෂ් සොයා කහවත්ත පොලීසිය හා ප්‍රදේශවාසීන් ඊයේ(18) දවස පුරා සෝදිසි කිරීම් සිදුකළත් ඔහු පිළිබද කිසිදු තොරතුරක් ලැබී නොතිබුණි.

ඒ අතරතුර ඊයේ රාත්‍රියේ දිනේෂ් හම්බන්තොට බස්නැවතුම්පලේ සිටියදී හම්බන්තොට පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අද උදෑසන ඔහුගේ පියා පැමිණ දිනේෂ් නැවත නිවස වෙත රැගෙන ගියේය.

කෙසේ වෙතත් දිනේෂ් පවසන්නේ සිය මාමාගේ පහරදීම් ඉවසාගත නොහැකිව නිවසින් පලා ආ බවයි.