පිටුවහල් කළ පකිස්ථානුවන් 30ක් වව්නියාවේ රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත

පිටුවහල් කළ පකිස්ථානුවන් 30ක් වව්නියාවේ රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත

May 19, 2019   02:40 pm

පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 36දෙනෙකු වව්නියාව, පූන්තෝට්ටම් පුනුරුත්තාපන රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පසුගි 17දා මෙම පිරිස ගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවත් අදාළ ප්‍රදේශය රූගත කිරීමට හෝ අතුළු වීමට මාධ්‍යවේදී සඳහා තහනම් ප්‍රදේශයක් බව ප්‍රකාශ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

අදාළ පිරිස පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පිටුවහල් කළ ඇති බව BBC දෙමළ වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ ප්‍රදේශයේ තාවකාලිකව නවානැන් ගෙන සිටි ඇති අතර පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් නිවාසවලින් ඉවත් වන ලෙස අදාළ නිවෙස්වල හිමිකරුවන් පවසා ඇති බව වාර්තා වෙයි

මෙම පකිස්ථානු ජාතිකයි පිරිසගේ නඩත්තුව සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හා පකිස්ථානයෙන් මුදල් ලැබී ඇති බවද වාර්තා වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.