පෝය දවසේ මත්පැන් වික්ක 2ක් අත්අඩංගුවට

පෝය දවසේ මත්පැන් වික්ක 2ක් අත්අඩංගුවට

May 19, 2019   10:45 am

වෙසක් උත්සව සමයේ බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට රජයේ අනුමත මත්පැන් අධික මිලට අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙක් වටවල සහ බගවන්තලාව යන ප්‍රදේශයන් වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ වතු නිවාසයක සගවා මත්පැන් අලෙවි කරමින් සිටි සැකකරුවෙක් අද(19) අලුයම මත්පැන් බොතල් 21 සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව අප වර්තාකරු පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇති බව වටවල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත් මහගෙදර මහතා පැවසුවේය.

මේ අතර බගවන්තලාව කර්කස්වොල් වතුයායේ වතු කම්කරුවන්ට බලපත්‍රයක් නොමැතිව වැඩි මිලට මත් පැන් අලෙවි කල සැකකරුවෙකු මත්පැන් බොතල් 10 සමඟ බගවන්තලාව පොලීසිය මගින් ඊයේ(18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන සැකකරු ඇප මත මුදා හැර ඇති බව වාර්තා වෙයි

අදාළ පුද්ගලයාට එරෙහිවද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.