ශ්‍රි පාද වන්දනා වාරය අදින් අවසන්

ශ්‍රි පාද වන්දනා වාරය අදින් අවසන්

May 19, 2019   10:25 am

2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය අද (19) අලුයම ශ්‍රි පාද උඩ මළුවේ පැවති විශේෂ පුජාවන් ගණනාවකින් අනතුරුව අවසන් කළ බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඬුව , සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ වලින් කොටසක් රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කිරිම අද උදැසන 8.15 ට ආරම්භ කළේය.

තවත් පෙරහැරක් අද පෙරවරුවේ ශ්‍රි පාද උඩ මළුවේ  සිට නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා ගමන් කර නල්ලතන්නියේ සිට රිය පෙරහැරවල් දෙකක් වශයෙන් ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ල්තන්නිය දක්වා වැඩ කෙරු  සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ සහ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබෙන කරුඩුන් වහන්සේ පැල්මඩුල්ල රජමහවිහාරස්ථානය දක්වා වැඩ කිරිමට නියමිතය.

එක් රිය පෙරහැරක් බගවන්තලාව , බලංගොඩ හරහා පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානය දක්වා  තවත් පෙරහැරක් නල්ලතන්නිය , ලක්ෂපාන , අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කිරිමට නියමිතය.

මාර්ග තුනක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ අද රාත්‍රියේ සිට හෙට (20) අලුයම තෙක් පැල්මඩුල්ල රජ මහාවිහාරස්ථානයේ ගමන් මාලිගාව තුල තැන්පත් කර හෙට අලුයම තවත් රිය පෙරහැරක් මගින් එසේ වැඩම වු සදාතුක කරඩුව සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානය වෙත වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබේ.

වෙසක් පොහෝ දිනයේ සිල් සමාදන් විම ඇතුළු ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වු ආගමික වතාවන් වලට සහභාගි විමට දිවියිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රි පාද උඩ මළුව වෙත පැමිණ සිටිහ.