සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක්

සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක්

May 19, 2019   09:04 am

කෑගල්ල - දඹුල්ගමුව මාර්ගයේ අට්ටක්කාගහමුල කන්ද ප්‍රදේශයේ තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

ප්‍රදේශයේ බෑවුමක පිහිටි අගලක තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ දඹුල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

පසුගිය 14 වන දින අදාළ තරුණයා නිවසින් පිටව ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු පැදවූ බවට සැකකෙරෙන යතුරුපැදිය ද එම ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.