දක්ෂිණ අධිවේගියේ සිදු රිය අනතුරකින් අයෙක් මරුට 8කට තුවාල

දක්ෂිණ අධිවේගියේ සිදු රිය අනතුරකින් අයෙක් මරුට 8කට තුවාල

May 19, 2019   07:16 am

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැක්ම කිලෝ මීටර් 58.1 ආර් ස්ථානයේදී සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් අටදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ ගොඩගම දෙස සිට කඩවත දෙසට ධාවනය වු වෑන් රථයක් එහි රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල ජලය බැස යාම සඳහා ඇති කාණුවකට ගොස් නැවත මාර්ගයට ගැනීමේදී එම දිශාවටම ගමන්ගත් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදු වි ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ රියදුරු ඇතුළු පස්දෙනෙකුද ලොරි රථයේ රියදුරු ඇතුළු සිව්දෙනෙකුද ගමන් කර තිබේ.

එම සියළු දෙනා තුවාල ලබා ප්‍රතිකාර සඳහා නාගොඩ සහ ඇල්පිටිය රෝහල් වෙත ඇතුලත් කර ඇති අතර බරපතල තුවාල ලැබු වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රීයේ මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 47ත් හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරික්ෂ පවත්වයි.