රණවිරුවන් සිහිපත් කරමින් පහන් පූජාවක්-මහින්දගේ සහභාගීත්වයෙන්

රණවිරුවන් සිහිපත් කරමින් පහන් පූජාවක්-මහින්දගේ සහභාගීත්වයෙන්

May 18, 2019   09:58 pm

කොළඹ - 07 ශ්‍රී සම්බෝධි විහාරය වෙත ගිය විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ආගමික වතාවත්වල යෙදී ආශිර්වාද ලබාගත්තේය. 

මෙහිදී යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහිපත් කර පැවති පහන් පූජාවකටද විපක්‍ෂ නායකවරයා සහභාගී විය.‍

සම්බෝධි විහාරය ඉදිරිපිට හා විපක්‍ෂ නායකවරයාගේ නිල නිවස ඉදිරිපිට මාර්ගය වෙසක් සැරසිලිවලින් වර්ණවත් කර ඇත.

මෙම අවස්ථාවට සම්බෝධි විහාරයේ විහාරාධිපති හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති බොරලන්දේ වජිරඥාණ හිමි හා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාද එක්වූහ. 

මේ අතර කැළණිය රජමහා විහාරය වෙත අද පස්වරුවේ ගිය  විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙසක් පෝදා වෙනුවෙන් පැවති විශේෂ ආගමික වැඩසටහන් සඳහා සහභාගී වී අශිර්වාද ලබාගත්තේය. 

මේ අතර තලාතුඔය, පුබුදුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවය අද ‍පස්වරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 

චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම මල් පූජාව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් සිදුවිය.