බීමත්ව රිය පැදවූ බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

බීමත්ව රිය පැදවූ බස්නාහිර හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

May 18, 2019   07:02 pm

බීමත්ව රිය පැදවීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා ඊයේ (17) අත්අඩංගුවට ගත්තේය.

පොලීසිය පැවසුවේ, ඔහු සමඟ තවත් පුද්ගලයින් අටදෙනකු අත්අඩංගුවට ගත් බවයි. 

පසුව ඔවුන් සියලු දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ පිළියන්දල වෑවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් විය.

පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි ගමනක් ගොස් පැමිණෙමින් සිටියදී සැකසහිත ලෙස ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කර ඇත.

පොලිසිය පැවසුවේ, එම අවස්ථාවේදී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සමඟ අටදෙනකු බීමත්ව සිට ඇති බවට නිරීක්ෂනය කළ බවයි.

පසුව ඔවුන් පිළියන්දල පොලිස් ස්ථානයට රැගෙන විත් ඇත.

පොලිසිය පැවසුවේ, ඇල්කොහොල් ශරීර ගත වී ඇත්දැයි සෙවීම සඳහා කෙරෙන මධ්‍යසාර ස්වසන පරීක්ෂණයට මුහුණ දීමට මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් ප්‍රතික්ෂේප කළ බවයි. 

පසුව සුලෝචන ගමගේ මහතා ඇතුළු සැකකරුවන් පිරිස වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කිරීම සඳහා පිලියන්දල දිසා රෝහලට රැගෙන ගියේය.

පොලීසිය පැවසුවේ, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහාත ඇතුළු පිරිස බීමත්ව සිටි බවට අදාළ වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වූ බවයි. 

පොලිස් ඇප මත මුදාහැරි සැකකරුවන් ලබන 22 වැනිදා කැස්බෑව මහේස්ත්‍රාස් අධිකරණයට යොමුකරන බව කැස්බෑව පොලිසිය ප්‍රකාශ කළේය.