රණවිරු සැමරුම් උත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

රණවිරු සැමරුම් උත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්

May 18, 2019   05:31 pm

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවි පිදු, ආබාධිත තත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් සිදුකෙරෙණ රණවිරු සැමරුම් උත්සවය හෙට (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

හෙට පස්වරු 4ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව යුධ හමුදාව සඳහන් කළේය.

වසර 30ක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අද දිනට වසර 10 ක් සපිරෙයි.