වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි 3ක් අත්අඩංගුවට

වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි 3ක් අත්අඩංගුවට

March 15, 2019   08:49 am

නවගමුව පොලිස් වසමේ රණාල ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෑන් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (14) රාත්‍රී 7ට පමණ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් වෑන් රථය කොල්ලකා වෑන් රථයේ හිමිකරුගේ අත් පා බැඳ වෑන් රථයේ රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28,30,31 හා 38 යන වසස්වල පසුවන ඇඹිලිපිටිය, මීගොඩ, රනාල, නාරන්වල හා කතරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (15) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.